|
Wednesday, 28 July 2010 |
නැණසල ක්‍රියාකරුවන්ට පුහුණු වැඩමුළු මාලාවක් නැණසල ක්‍රියාකරුවන් සඳහා නේවාසික පුහුණු වැඩමුළු මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.
නැණසල මධ්‍යස්ථාන ඔස්සේ ජනතාවට ලබාදෙන සේවාවන් වඩාත් ඵලදායි ලෙස ලබාදීම මෙම පුහුණු වැඩමුළු මාලාවේ එක් අරමුණක් වන බව නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර මහතා සඳහන් කරයි.
ව්‍යාපාර සැලසුම්කරණය, නැණසල කළමනාකරණය, දේශීය අන්තර්ගතයන් හා සේවාවන්, වෙළදපොළ හා ප්‍රචාරණය, අන්තර්ජාලය, දේශීය භාෂා යුනිකෝඩ් සහ නියාමනය හා ඇගයීම් යන විෂය කරුණු යටතේ මෙම නේවාසික පුහුණු වැඞමුළුව පැවැත්වෙන බව නියෝජිතායතනය පවසයි.
එක් නැණසල මධ්‍යස්ථානයකින් දෙදෙනෙකු බැගින් මෙම වැඩමුළුව සඳහා සහභාගි කර ගැනේ.
ලබන මස 1වනදා සිට 7වනදා දක්වා සහ 25 වනදා සිට 31වනදා දක්වා තුල්හිරිය මාස් කළමනාකරණ ආයතනයේදී වැඩමුළු 2ක් සංවිධානය කර තිබෙන බව ද නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි.
|
|
Last Updated ( Wednesday, 28 July 2010 )
|