|
Wednesday, 28 July 2010 |
මොරගහකන්ද ව්යාපෘතියේ නැවත පදිංචි කිරීම් සඳහා රුපියල් මිලියන 4,000ක් මොරගහකන්ද ව්යාපෘතිය නිසා ඉවත් ලද පදිංචිකරුවන් සඳහා රුපියල් මිලියන 4,000ක වියදමින් නව ගම්මානයක් මැදිරිගිරියේ බිසෝපුර ඉදි කිරීමට පියවර ගෙන තිබෙන බව පොළොන්නරුව දිස්ත්රික් මාධ්ය ඒකකය සඳහන් කරයි.
ශ්රී ලංකා මහවැලි අධිකාරිය මැදිරිගිරිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා සකස් කර ඇති ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම අනුම මෙම ව්යාපෘතිය ක්රියාත්මක කෙරේ.
මෙහි පළමු අදියර යටතේ ඉඩම් අක්කර 5000ක් සංවර්ධනය කිරීම, ගෙවතු වගා ඉඩම් අක්කර 2500ක් සංවර්ධනය කිරීම, ග්රාමීය වැව් 31ක් පිළිසකර කිරීම, නාගරික පහසුකම් සහිත කුඩා නගරයක් නිර්මාණය කිරීම, පාරිසරික කටයුතු සංවර්ධනය කිරීම, ශක්තිමත් ගොවි සංවිධාන බිහිකිරීම යනාදී ප්රතිලාභ රැසක් ජනතාවට හිමි වේ.මෙම පළමු අදියර යටතේ පවුල් 950ක් පදිංචි කිරීමට නියමිත අතර මෙම සම්පූර්ණ ව්යාපෘතිය අදියර 3ක් යටතේ ක්රියාත්මක කෙරේ.
මීට අමතරව මේ යටතේ මෙම ප්රදේශයේ බිසොපුර කන්තලේ මාර්ගය, වඩිගවැව මාර්ගය, අලුත් ඔය මාර්ගය, පල්ලිය ගොඩනැගිල්ල මාර්ගය සහ සුංගාවිල හරහා පොළොන්නරුව මාර්ගය යන මාර්ග ඉදිකිරීමට ද අපේක්ෂිතය. |
|
Last Updated ( Wednesday, 28 July 2010 )
|