මුල් පි‍ටු‍ව arrow ප්‍රවෘත්ති arrow නවතම පුවත් arrow ශ්‍රි ලංකාව හා ඉන්දියාව...
Advertisement

ශ්‍රි ලංකාව හා ඉන්දියාව... Print E-mail
Thursday, 29 July 2010
ශ්‍රි ලංකාව හා ඉන්දියාව පවත්වන රාජ්‍යත්‍රාන්ත්‍රික සම්බන්ධතා ඉතාම සුභවාදී මුහුණුවරක් ගෙන තිබෙනවා - ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය ප්‍රකාශක

Imageශ්‍රි ලංකාව හා ඉන්දියාව රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමින් පවත්වන සම්බන්ධතා ඉතාමත් සුභවාදී මුහුණුවරක් ‍ගෙන ඇති බව ජනමාධ්‍ය ප්‍රවෘත්ති අමාත්‍ය හා ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි.

පසුගිය දින ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා විසින් ශ්‍රි ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දීමට එකඟතාවය පළ කොට ඇත.
උතුරේ සංවර්ධන කටයුතු නිරීක්ෂණයට මෙන්ම අවතැන් කඳවුරු වල වෙසෙන ජනතාවගේ සුභ සාධන කටයුතු පිළිබදව සොයා බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමිල්නාඩු මහ ඇමති කරුණානිධි මහතා ඇතුළු පිරිසට සුහද ශිලී ආරාධනයක් කොට ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
 
The Official News Portal of Sri Lanka-EnglishThe Official News Portal of Sri Lanka-SinhalaThe Official News Portal of Sri Lanka-Tamil 
http://www.news.lk/images/stories/Multimedia_Gallery/Photo_Gallery/lankapuvath.gif