|
බිම්බෝම්බ කඩිනමින් ඉවත්කිරීමට |
|
|
|
Friday, 30 July 2010 |
බිම්බෝම්බ කඩිනමින් ඉවත්කිරීමට චීනයේ සහය උතුරු නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු කඩිනම් කිරීම සදහා තවදුරටත් චීන රජයේ සහයෝගය ලබාදෙන බව එම රජය පවසයි. මේ අනුව බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතු කාර්යක්ෂමව සිදුකිරීම සම්බන්ධයෙන් අධ්යයනය කිරීම සදහා චීන විශේෂඥයන් පිරිසක් මෙරටට පැමිණ ඇත.
මෙම විශේෂඥයන් බිම්බෝම්බ ඉවත්කිරීමේ ජාතික වැඩසටහනේ නියෝජිතයන් සමග ද සාකච්ඡුා පැවැත්විය.
මේ වන විට නැගෙනහිර පළාතේ වර්ග කිලෝමීටර 1500ක පමණ භූමි ප්රමාණයක සම්පූර්ණයෙන්ම බිම්බෝම්බ ඉවත්කර ඇත. තවත් වර්ග කිලෝමීටර 2400ක පමණ ප්රදේශයක බිම්බෝම්බ වළදමා ඇතැයි සැක කෙරෙන අතර චීන විශේෂඥයන්ගේ ද සහය මත එම කටයුතු සිදුකෙරෙනු ඇත.
|
|
Last Updated ( Friday, 30 July 2010 )
|