මුල් පි‍ටු‍ව arrow ප්‍රවෘත්ති arrow නවතම පුවත් arrow සුදු කොඩි ප්‍රකාශයට එරෙහි...
Advertisement

සුදු කොඩි ප්‍රකාශයට එරෙහි... Print E-mail
Friday, 30 July 2010
සුදු කොඩි ප්‍රකාශයට එරෙහි නඩුව සැප්තැම්බර් 27 සිට අඛණ්ඩව

සුදු කොඩි ප්‍රකාශය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරන ලද නඩුව සැප්තැම්බර් මස 27 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ තීරණය ක‍ළහ.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවන් 20 දෙනාට ද සැප්තැම්බර් මස 27 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවන් නියම කළේය.

එතෙක් විත්තිකරු නාවික හමුදා මූලස්ථානයේ තවදුරටත් රඳවා තබන ලෙසට ද නියම කෙ‍රිණි. මෙම නඩුවට අදාළ අධි චෝදනා පත්‍ර ද ඊයේ ෆොන්සේකා මහතාට භාරදීමට පියවර ගැනිණි.

මහාධිකරණ විනිසුරුවන් වන දීපාලි විජේසුන්දර (සභාපති), ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව හා සුල්ෆික් රශීඩ් යන මහත්ම මහත්මීන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වේ.

 

 
 
The Official News Portal of Sri Lanka-EnglishThe Official News Portal of Sri Lanka-SinhalaThe Official News Portal of Sri Lanka-Tamil 
http://www.news.lk/images/stories/Multimedia_Gallery/Photo_Gallery/lankapuvath.gif