March 28, 2024
tami sin youtube  twitter facebook

     රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2018

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අවශ්‍ය භාණ්ඩ හා සේවා  මිලදී ගැනීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා 2018.02.27 දින ප.ව. 2.00 දක්වා මුද්‍රා තබන ලද අයදුම්පත් කැඳවනු ලැබේ.

    මේ සඳහා රු. 1000.00 ක ආපසු නොගෙවනු ලබන තැන්පත් මුදලක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සරප් වෙත ගෙවා ලබාගන්නා රිසිට්පතක් ප්‍රසම්පාදන අංශයට ඉදිරිපත් කිරීමෙන් පසුව අයදුම්පත්  2018.02.05 දින සිට 2018.02.26 දින ප.ව. 3.00 දක්වා කාර්යාල වේලාවන් තුලදී ලබාගත හැක.

    අයදුම්පත් කාර්යාල වෙලාවන් තුලදී නොමිලයේ පරීක්ෂා කළ හැකිය.

    මුද්‍රා තබනලද අයදුම්පත් 2018.02.27 දින ප.ව. 2.00 ට පෙර ලැබෙනසේ ලියාපදිංචි තැපෑලෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, අංක 163, කිරුලපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට එවීම හෝ එම ලිපිනයේම ගිණුම් අංශයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට ගෙනවිත් බහාලීම 2018.02.27 දින ප.ව 2.00 ට පෙර සිදුකළ යුතුය. අයදුම්පත් විවෘත කිරීම 2018.02.27 දින ප.ව 2.00 ට සිදු කරනු ලැබේ.

    මිල ගණන් බහාලන කවරයේ වම් කෙළවරේ “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2018” ලෙස සදහන් කළ යුතුවේ.

    ලියාපදිංචි කිරීමට කැඳවනු ලබන භාණ්ඩ හා සේවා ඛාණ්ඩ සංඛේත අංක පහත දැක්වේ

    භාණ්ඩ

    කාණ්ඩ                                                     විස්තරය

    අංක

    G 01.       කාර්යාලීය ලිපි ද්‍රව්‍ය (පෑන්, පැන්සල්, ලිපි කවර, ඇමිණුම් කටු, යතුරු ලියන කඩදාසි, ඡායාපිටපත් කඩදාසි ඇතුළු අනෙකුත් කාර්යාලිය ද්‍රව්‍ය)

    G 02.       කාර්යාල උපකරණ (යතුරු ලියන, ගණක යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍ර හාවෙනත්කාර්යාලිය උපකරණ)

    G 03.       පරිගණක යන්ත්‍ර හා පරිගණක උපකරණ (පරිගණක ලිපි ද්‍රව්‍ය, ඩිස්කට්, රිබන් සහ ටෝනර්)

    G 04.       කාර්යාලීය ලී බඩු  හා උපකරණ (යකඩ , දැව, වානේ, ප්ලාස්ටික් ආදි)

    G 05.       වායු සමීකරණ යන්ත්‍ර

    G 06.       සියළුම වර්ගයේ වාහන සදහා ටයර්,ටියුබ් සහ බැටරි

    G 07.       යන්ත්‍රෝපකරණ

    G 08.       ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ (කැමරා , විඩියෝ කැමරා, රේඩියෝ, කැසට්, ෆෝන් ආදිය)

    G 09.       දින මුද්‍රා , රබර් මුද්‍රා, ප්ලාස්ටික් නාම පුවරු

    G 10.       පවිත්‍ර කිරීමේ ද්‍රව්‍ය (සබන් හා සේදුම් ද්‍රව්‍ය ආදිය)

    G 11.       සියළුම වර්ගයේ පාවහන් හා ගමන් මලු / කාර්යාලීය බෑග්

    G 12.       ගිනි නිවීමේ උපකරණ

    G 13.       සියලු වර්ගයේ මෝටර් වාහන අමතර කොටස්

    G 14.       විඩියෝ, දළ සේයාපට, ප්ලේට් රෝල් සහ සියලු ප්‍රොජෙක්ටර්ස් , ප්‍රක්ෂේපණ යන්ත්‍ර

    G 15.       විදුලි උපකරණ සහ අමතර කොටස් (ශීතකරණ, විදුලි පංකා යන ආදිය)

    G 16.       ගොඩනැගිලි ඉදිකිරිම් ද්‍රව්‍ය (සිමෙන්ති, වැලි, ගල්, සිමෙන්ති ගල්, ගඩොල් ආදිය)

    G 17.       තිර රෙදි හා අත් පිස්නා

    G 18.       ජල සැපයුම් නල සහ ප්‍රවාහන නල සහ වෑද්දුම්

    G 19.       සියළු වර්ගයේ වයර්, ව්දුලි කම්බි, විදුලි බුබුළු, ව්දුලි පන්දම්, බැටරි සහ වෙනත් උපාංග

    G 20.       සියළු වර්ගයේ ලෝහ භාණ්ඩ සහ උපකරණ

    G 21.       සියළු වර්ගයේ තීන්ත, පොලිෂ් වර්ග සහ ආලේපන ද්‍රව , ද්‍රව්‍ය , මෙවලම් හා උපාංග

    G 22.       වාහන සීට් කුෂන්, සීට් කවර, රබර් පාපිසි සහ කැන්වස් ආවරණ

    G 23.       බැනර්, කොඩි, ප්‍රදර්ශන කුටි

    G 24.       නිල හැදුනුම්පත් සහ අදාල ද්‍රව්‍ය

    G 25.       ජල මෝටර්

    G 26.       නිෂ්චල ඡායාරූප සංස්කරණය, මුද්‍රණය, ලැමිනේට් කිරීම. ඇල්බම් සකස්කිරීම හා රාමු කිරීම

    G 27.       ප්‍රකාශන හා පොත්පත්

    G 28.       කිරුම් මිනුම් යන්ත්‍ර උපකරණ සහ මිනුම් ඒකක

    G 29.       සිහිවටන, ශිලාඵල සහ මායිම් ගල්

    G 30.       ගෘහ උපකරණ ( විදුලි කේතල්, පීරිසි කොප්ප, ප්ලාස්ටික් භාණ්ඩ ආදිය)

    G 31.       පරණ පුවත්පත් මිලදි ගැනීම

    G 32.       පානීය ජලය

    G 33.       ප්‍රවර්ධක කාර්යයන් සඳහා කලාත්මක වැඩ

    G 34.       ස්වංක්‍රීය කාල සටහන් යන්ත්‍ර සහ කාල සටහන් පද්ධති

    G 35.       මුද්‍රණ ද්‍රව්‍ය

    G 36.       පරිගණක ජාල පද්ධති, තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපකරන පද්ධති

    G 37.       සියළුම ගෘහ හා කාර්මික ශ්‍රව්‍ය හා දාශ්‍ය සහ සන්නිවේදන උපකරණ , උපාංග හා අමතර කොටස්

    G 38.       සියළුම වර්ගයේ කොට්ට, මේට්ට, ඇඳ ඇතිරිලි සහ අනෙකුත් සුව පහසුතා උපකරණ සහ උපාංග

    G 39.       ගැල්වනයිස් කරන ලද තහඩු සහ පයිප්ප

    G 40.       සියළු වර්ගයේ ඇණ, දොර යතුරු, ඉබි යතුරු, ස්වයංක්‍රීය දොර වසනයන්

    සේවා

    කාණ්ඩ                                                     විස්තරය

    අංක        

    S 01.        සනීපාරක්ෂන සේවා

    S 02.        ආරක්ෂක සේවා

    S 03.        මෝටර් රථ අලුත්වැඩියා කිරීම

    S 04.        ප්‍රවාහන සේවා

    S 05.        යතුරු ලියන යන්ත්‍ර, ගණක යන්ත්‍ර ඇතුළු කාර්යාලිය උපකරණ අලුත්වැඩියා කිරීම  හා නඩත්තු කිරීම

    S 06.        විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම

    S 07.        ආහාරපාන සැපයිම හා ආපනශාලා පවත්වාගෙන යාම

    S 08.        වායු සමිකරණ අලුත්වැඩියා කිරීම හා සේවා කිරීම

    S 09.        මුද්‍රිත ප්‍රකාශන සැලසුම් කිරිම, මුද්‍රණ සේවා, ලැමිනේටින් හා පොත් බැඳිම

    S 10.        වානේ කබඩ්, ලිපිගොනු කැබිනට් ආදි කාර්යාල පොදු උපකරණ අලුත්වැඩියාව

    S 11.        නිශ්චල හා විඩියෝ කැමරා උපාංග සහ ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ අලුත්වැඩියාකිරීම හා නඩත්තු කිරිම

    S 12.        මියන්, වේයන් සහ කෘමීන් පාලනය

    S 13.        උද්‍යාන අලංකාර කිරීමේ සේවා හා ගෘහ අලංකාර කිරීමේ සේවා

    S 14.        කූරිය සේවය

    S 15.        උත්සව කළමනාකරණ සේවා (ශාලා හා අනෙකුත් පහසුකම්)

    S 16.        භාෂා පරිවර්තන සේවා

    S 17.        විඩියෝ සංස්කරණ හා ශබිද පටිගත කිරිමේ සේවා

    S 18.        පරිගණක හා අනෙකුත් උපාංග  සේවා, නඩත්තුව සහ අළුත්වැඩියා කිරිම

    S 19.        වාහන සේවා කිරිම

    S 20.        වාහන වායු සමිකරණ අලුත්වැඩියා කිරීම

    S 21.        වාහන විදුලි පද්ධතින් අලුත්වැඩියා කිරීම

    S 22.        පරිගණක ජාල පද්ධති, තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපකරණ හා පද්ධතින් සේවා කිරිමසහ නඩත්තුව

    S 23.        යන්ත්‍රෝපකරණ කුලියට දිම (විදුලිජනක යන්ත්‍ර, වායු සමිකරන යන්ත්‍ර, පරිගණක ඇතුලු උපාංග)

    S 24.        අන්තර්ජාල හා තොරතුරු තාක්ෂණ සේවා

    S 25.        ශබ්ද විකාශන පද්ධති, කැමර හා ආලෝක කරණ උපාංග කුලියට දිම

    S 26.        සියළුම වර්ගයේ විදුලි වැඩ

    S 27.        ඉංජිනේරු සහ නඩත්තු සේවා

    S 28.        ගෘහ නිර්මාණ සේවා

    S 29.        පාරිසරික ඇගයීම් සහ සමාජ සමීක්ෂණ

    S 30.        ගොඩනැගිලි නඩත්තුව හා අළුත්වැඩියාව සහ ජල නල අළුත්වැඩියාව

    නීතීඥ සුදර්ශන වික්‍රමසිංහ ගුණවර්ධන

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ)

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    දුරකථන අංකය :- 011 2512332

    ෆැක්ස් අංකය    :- 011 2512332

    dgi log front

    recu

    electionR2

    Desathiya