හිටපු ජනාධිපති දිවංගත ඩී.බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනපති අතින් නිරාවරණය කෙරේ

හිටපු ජනාධිපති දිවංගත ඩී.බී. විජේතුංග මැතිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී නිරාවරණය කෙරිණි. මහා සංඝරත්නයද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසුරිය, විපක්ෂනායක ආර්. සම්බන්දන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරුන්ද, හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාගේ දියණිය ඇතුථ පවුලේ ඥාතීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

BT Social Share plugin is not installed or not enabled.