|
‘සම්මාන සාහිත්ය චක්රවර්ති උපාධි’. |
|
|
|
Friday, 20 November 2009 |
‘සම්මාන සාහිත්ය චක්රවර්ති උපාධි’ ප්රදානය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ‘සම්මාන සාහිත්යය චක්රවර්ති උපාධිය’ පිරිනැමීමට කැලණිය විශ්ව විද්යාලය තීරණය කොට ඇත.
කැලණිය විශ්ව විද්යාලයේ අද (20) පැවැත්වෙන පශ්චාත් උපාධි ප්රදානෝත්සවයේදී ජනාධිපතිතුමන්ට මෙම උපාධිය පිරිනැමීමට නියමිතය. බණ්ඩාරනායක ජාත්යයන්තර සම්මන්ත්රරණ ශාලාවේදී පශ්චාත් උපාධි ප්රදානෝත්සවය පැවැත්වේ.
ආරක්ෂක අමාත්යාශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමේ.
රට වෙළාගෙන තිබූ දශක තුනක යුද්ධය නිමා කරමින් ත්රස්තවාදය පරාජය කළ අවස්ථාවේ රාජකාරිය ඉටු කළ ත්රිවිධ හමුදාපතිවරුන්ට, පොලිස්පතිවරයාට සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්යක්ෂ ජෙනරාල්වරයාටද සම්මාන ආචාර්ය උපාධි පිරිනැමීමට නියමිතය.
DB |
|
Last Updated ( Friday, 20 November 2009 )
|